තනියම Skydive කරන්න ගිය පළවෙනි වතාවෙම වලිප්පුව හැදිලා… බේරුණේ අනූනමයෙන්!

ස්කයිඩයිව් වගේ ත්‍රාසජනක ක්‍රීඩාවලට ආසා අය ගොඩක් ඉන්නවා. කොච්චර ත්‍රාසජනක වුණත් අපි මේවා කරන්න කලින් වෛද්‍යවරුන්ගෙන් අවසර ගන්නේ නැහැනේ. නමුත් වෛද්‍යවරයෙක් අවසර දුන්නත් අවදානම කියන එක කොයිවෙලේ එයිද කියලා කියන්න බැහැ.

අවුරුදු 22 ක් වයස ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස්ටෝෆර් ජෝන්ස් මේ යථාර්ථය තේරුම් ගත්තේ සෑහෙන්න භයානක විදිහකටයි. එයාට ස්කයිඩයිව් කරන්න වෛද්‍යවරයාත් අවසර දීලා තිබුණා. නමුත් අඩි 9,000 ක් විතර පහළට වේගයෙන් වැටෙද්දීම මෙයාට වලිප්පුව හැදිලා! සිහියත් නැතිවෙලා! වාසනාවකට ඔහුගේ ස්කයිඩයිව් උපදේශකවරයා (එයත් හෙල්මට් එකේ කැමරාවක් හයිකරගෙන ඉඳලා තියෙන්නේ) අඩි 4,000 දී පැරෂුට් එක දිගඇරෙන්න සලස්සලා. අඩි 3,000 දී ආයෙත් කොස්ටෝෆර්ට සිහිය ඇවිත් එයා පරිස්සමින් පොළොවට ආවාලු. මේ මරණාසන්න සිදුවීම ඔහුගේ කැමරාවේ ඇඟ කිළිපොලා යන විදිහට සටහන් වෙලා තියෙනවා. උපදේශකවරයාට පැරෂුට් එක දිගරින්න බැරි උණා නම් ඉබේම ඒක දිගඇරෙන්න සලස්වන උපකරණයකුත් ක්‍රිස්ටෝෆර්ගේ ඇඳුමේ හයිකරලා තිබුණාලු. හැබැයි එහෙම කියලා මේ සිදුවීමේ භයානක කම අඩුවෙන්නේ නැහැ.

Share this post with your friends!