චීනයේ ගාස්තු අරන් මළමිනී විවාහ කරන සොහොන් හොරු!

අපි ගොඩක් දෙනෙක් හිතන්නේ මේ ශරීරය මරණයෙන් කෙළවර වෙනවා කියලයි. ඒත් පේන විදිහට නම් චීනයේ සමහරු හිතන්නේ ටිකක් වෙනස් විදිහකට. පහුගිය කාලයේ චීනයේ ඩොන්ග්බාඕ ප්‍රාන්තයේ සොහොන් හාරලා මළමිනී විවාහ කරන සිදුවීම් 36 ක් වාර්තා වෙලා! මේ වගේ ‘භූත විවාහ’ 1949 වෙනකල් චීනයේ නිතරම අසන්න ලැබුණාලු. ඊට පස්සේ චීන මහජන ආණ්ඩුව මේ අද්භූත සිරිත තහනම් කළා. ඒත් ආරංචි විදිහට නම් මේ සිරිත ඩොන්ග්බාඕ ප්‍රාන්තයේ ආයෙමත් සරුවට කෙරීගෙන යනවා. මේ ඔක්කොම කරන්නේ ඉතිහාසික ශාපයකින් බේරෙන්න බවයි ඔවුන් කියන්නේ.

චීන සම්ප්‍රදායේ හැටියට කෙනෙකු විවාහ නොවී මියයාම සැලකෙන්නේ අවාසනාවක් විදිහටයි. එහෙම වුණොත් ඒ කෙනාගේ පවුලේ අයටත් අවාසනාවන්ත කාලයක් උදාවෙන බව ඒ අය විශ්වාස කරනවා.

chinese-1

ඉතින් චීනයේ සමහර මිනිස්සු තමන්ගේ ඥාතියෙක් විවාහ නොවී මිය ගියාම සොහොන් බිඳින හොරුන්ට මුදල් ගෙවලා ඒ මළමිනිය වෙනත් මළමිනියකට විවාහ කර දෙනවාලු.

chinese-2

මේ සිරිත චීනයේ තවමත් නීති විරෝධී දෙයක් නිසා අපට මේ භූත විවාහවල ඡායාරූප නම් දකින්නට ලැබුණේ නැහැ.

chinese-3

Share this post with your friends!