හරි අපූරු සුදු අලි පැටවා….

පරිසරය යනු හරි අපූරු ස්ථානයකි. ගහ කොළ සතා සිවුපාවන් හා නොයෙක් පැහැයන්ගෙන් පරිසරය වර්ණ ගැන්වී ඇත. පරිසරයට අනුගත හැඩයන්ගෙන් හා පැහැයන්ගෙන් අනුගතව මිනිසුන් සහ සතුන් ඇතිවේ. නමුත් සමහරක් අවස්ථාවල මෙයට පරස්පර ලෙස සොබාදහම තුළ නැති වර්ණයන්ගෙන් ඉපදෙන සතුන්ද සීටිනවා.ඔවුන්ට පැහැයක් නිශ්චිතව කිව නොහැක. එවැනි අය ඇල්බිනිසම් යන නාමයෙන් හඳුන්වයි.

elephant1

elephant2

elephant3

elephant4

මේ තත්වය මිනිසුන්ගේ හා සතුන්ගේ මෙලනින් වර්ණකය අදුවීම හා හට නොගැනීම නිසා ඇතිවන ජානමය විකෘතීමය තත්වයකි. මේ හේතුවෙන් සම, තොල්, කෙස් අමුතු පැහැයක් ගන්නා අතර සමහරෙක් හට රතු ඇස් ද පිහිටා ඇත. මෙය ජීව විද්‍යාවට අනුව දේහ වර්ණක අඩුවීම නිසාද, ඇසට නොයෙක් ආකාරයෙන් ලේ සැපයීම නිසාද මෙය ඇතිවේ. සත්ව ලෝකයේ මෙය ඉතා විරල වුවත් මෑතකදි නිකි කොයිට්ස් යන සංචාරක ඡායාරූප ශිල්පීයා මෙම ඇල්බිනිසිම් තත්වයෙන් ඉපදුණු රෝස පාට පැහැති අලි පැටවෙකු කෙළිදොලින් තම මව අසල ගැවසෙමින් ගඟෙන් දිය බොන ආකාරය තම කැමරා කාචයේ සටහන් කර ගත්තා.අප්‍රිකානු වනාන්තරයක මෙවැනි අලි පැටවෙකු දැකීම ඉතා විරල දර්ශනයකි. මෙය දැකුම් කළු දර්ශනයකි.

elephant8

elephant5

elephant7

elephant8


මාරයි Fun Game Quiz Number 1 Hint 2 – ඔහු 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනවන්නට බෙහෙවින් කැපවුණු අයෙක්

Share this post with your friends!