සූර්ය ශක්තිය හා වැහි වතුර එකතු කරන අපූරු කූඩාරම!

යුද්ධය හෝ ස්වභාවික විපත් වලට මුහුන දීමට සිදුවන මිනිසුන්ට සමහරක් අවස්ථාවලදී අකමැත්තෙන් හෝ තම නිවාස හා දේපල හැර යාමට සිදුවේ. එවිට ඔවුන්ට සෙවනක් ඇති තැනක් හෝ කූඩාරමක් ඇරෙන්නට වෙන කිසිදු යමක් ඉතිරි නොවේ. මෙම හේතුව නිසා කාන්තාවක් හිරු කිරණ හා වැසි ජලය එකතු කල හැකි කූඩාරමක් නිර්මානය කොට තිබේ.මෙය සරණාගතයින් සඳහා නිර්මානය කර ඇති අතර එකම අවස්ථාවේදී මෙම කාර්යයන් දෙකම සිදු කල හැක.

img2-700x394

ගෘහ නිර්මාන හ සංස්කෘතික හා කළා ශිල්පීනියක වන ඇබීර් සෙයිකාලි විසින් මෙය නිර්මානය කර ඇත.”වියන ලඳ ගෙය” ලෙස නම් කර ඇති මෙය එදිනෙදා ජීවිතයට සැප පහසු ලෙස නිර්මානය කල ඇත.රෙදි පිලි හා ස්වභාවික දේ හා තාක්ෂණික ක්‍රම උපයෝගි කරගනිමින් මෙය නිර්මානය කර ඇත. මෙය බරින් අඩු අතර ස්තර දෙකක රෙදි යොදා සකසා ඇති නිසා වැස්සෙන් හෝ අව්වෙන් බාධාවක් ඇති නොවන පරිදි සකසා ඇත. මෙහි උඩ කොටස වැහි වතුර එකතු වීමට සදා ඇති අතර එය ධ්වනිකරණය වී පහලට පැමිනේ.නැවත මෙය පාවිච්චියට ගැනීමට පුළුවන. එමෙන්ම මෙය සඳහා මෙම නිර්මාන ශිල්පිනියට 2013 වසරේ ලෙක්සස් නිර්මාන කුසලානයද මේ සඳහා හිමි විය.

img4-700x394

solar-energy-700x249
මෙය අසරණව වෙසෙන සරණාගතයන් සඳහා මනා ප්‍රයෝජනයක් ඇති වටිනා නිර්මානයකි.

Share this post with your friends!