මෙච්චර හිට් වෙච්ච සින්දුවක් ඇයි තහනම් වුනේ! කියවලම බලන්න…

ස්ටෙෆන් වුල්ෆ්ගේ අළුත්ම සින්දුවකට කරපු කවර් සින්දුවක් තමයි මේක.ස්ටෙෆන් වුල්ෆ් ගේ සින්දුවෙහි නම “බෝර්න් ටු බි වයිල්ඩ් ” වන අතර කරපු කවර් සින්දුවේ නම “සවුදි ගැහැණුන්ටත් රිය පැදවිය හැකිය යන්නයි”මෙහි විඩියෝව සම්ප්‍රදායිකව ඇඳගත් මිනිසුන් දෙදෙනෙක් කාන්තාවක් විසින් පදවන රියක ඉඳගෙන සිටින අන්දමේ විඩියෝවක්.අවසානයේ සවුදි අරාබියේ රජු විසින් කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය ඇති බව සනාථ කරන දසුනකුත් මෙයට අන්තර්ගතයි. ඉන්පසු සවුදි කාන්තාවන් පමණක් නොව මුළු ලෝකයම එයින් සතුටට පත්වන අයුරුත් පෙන්නුම් කරන දර්ශනද එයට ඇතුලත්.එමගින් කාන්තාවන් දිරිමත් වෙන බව අවිය කරගනිමින් මෙම ගීතය තහනමකට ලක් වෙනවා.මෙම හේතුවෙන් කාර් නිෂ්පාදිත ආයතනද ගීතයට රුකුල් වනු වස් නේක විධ දීමනා සමඟ කාර් ලබාදීමටත් සුදානම් වීම තවත් මෙම ගීතය එරට තුල තහනම් විමට හේතුවක්..කෙසේ වුවත් මෙම සධාරණ මානුශීය අයිතීන් වෙනුවෙන් සිදුකරන ගීත වල කිසිදු වරදක් නොමැති බැව් අපගේ මතයයි.ඒත් සවුදි අරාබිය තවමත් පාරම්පරික පුහු මත තුල එල්බ සිටීම දුකට කරුණ්ක බවත් සඳහන් කල යුතුමය.

Share this post with your friends!