ඇපල් සමාගම දිනු අවුරුදු 9ක පුංචි දැරිය

තාක්ෂණයත් එක්ක වැඩ කරන ඕනෑම කෙනෙක් ආස කරන සමාගමක් තමා ඇපල් සමාගම. ඇපල් සමාගමේ WWDC event එක කියන්නේ තාක්ෂණික නිර්මාණකරුවන්ගේ සිහිනයක් වගේ දෙයක්.හැබැයි ඉන්දියාවේ අවුරුදු 9ක පුංචි දැරියක් මේ හීනය සැබෑ කරගන්න සමත්වෙලා තියෙනවා. ඇය තමා ලෝකේ පළමු වතාවට ඇපල් සමාගමේ WWDC event එකට ආරාධනා ලැබූ පුංචිම කෙනා. දන්නවද ඇය නිර්මාණය කරලා තියෙන්නේ මොකක්ද කියලා මේකට ආරාධනා ලබන්න. ඇපල් iPhone සහ iPad යන දෙකටම භාවිතා කරන්න පුළුවන් විදියේ Smartkins Animals නමින් App දෙකක් ඇය විසින් නිර්මාණය කරලා තියෙනවා. කොහොමද නේද පොඩි වුණාට මොළය..ඇගේ නම අවිතා විජේ..

wwdc_1465975365

Share this post with your friends!