අනුන්ගේ කුසගින්න වෙනුවෙන් ඉදිරිපත් වු දිරිය කතක්………

ඉන්දියාවේ ඛොච් යන මං මාවත් හි පිහිටි ප්‍රසිද්ධ වෙළඳසැලක් ඇත. එය පප්පාදාවදා ලෙස නම් කර ඇත. මෙහි ඉතා අපූරු දෙයක් සිදුවේ. එනම් මෙහි ඉතිරීව අපතේ යවන හොඳ ආහාර අපතේ නොදමා එය ශීතකරණයක බහා ශීතකරණය එලියේ තබමින් එය තම නගරයේ කුසගිනේ සිටින ඕනෑම අයෙකුට විවෘත කර අහාර ගැනීමට හැකි ලෙස තබයි.

මිනු පෝලයින් නම් මෙම ආපනන් ශාලා ක්‍රියාකාරිනිය විසින් මෙම අගනා ක්‍රියාවට මුල පීරීය.ඇයට මෙම ව්‍යාපෘතිය කිරීමට මුලික හේතුව වුයේ දිනක් ඇය කුණු කූඩයක් අවුස්සමින් කෑමට යමක් සොයන ගැහැනු කෙනෙක් දැකිමෙන් ඇතිවු කම්පාවයි.

1979539_1386608458282202_1197661099_n-768x512

මෙම ශීතකරණය “යහපත් බවේ ගස” ලෙස හැඳින්වෙන අතර මෙය මගින් දස් සංඛ්‍යාත මිනිසුන්ගේ කුසගිනි නිවිමට සමත් විය.

10178153_1590126591200609_8609608263204489134_n-768x714

මාර්තු මස 23 වන දින සිට ඇරඹි මෙම ශීතකරණය පැය 24 තුලම ක්‍රියාකරන අතර දින හතේම දැකිය හැක . ඉතා කළමණාකාරිත්වයකින් මෙය මෙහෙය වන පෝලයින් කිසිවෙකුට නරක් වු ආහාර ලබා ගැනීමට ඉඩ නොතබයි.

12885819_10153914355185851_3567848357967461075_o-768x512

මෙයට කැමති නාගරික වැසියන් ස්වකීය ධන පරිත්‍යාගයන් මගින්ද මෙයට සහාය වෙයි. “මුදල් ඔබගේ වුවත් සම්පත් අයිති මුළු සමාජයටම බව” පෝලයින් පවසයි. ඇය ආහාර නාස්ති නොකරන ලෙස සමාජයෙන් ඉල්ලයි.

restaurant

ඔබත් ආපන ශාලා ක්‍රියාකාරිනියක නම් ආහර අපතේ යෑම ගැන ඔබට මනා අවබෝධයක් ඇත. එවැනි අය අතර ඣ පෝලයින් වැනි කාන්තාවන් විශිෂ්ඨ වන අතර ඇයගේ මෙම සත් ක්‍රියාව අගය කල යුතුමය.

Share this post with your friends!